පාකිස්ථානයේ පැවති 2026 මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
රටවල් 6කගේ සහභාගීත්වයෙන් 2026 ජූලි 22 සිට 29 දක්වා පැවැති මෙම තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවති තියුණු තරගයේදී තරග වට 3-2ක් ලෙස ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය. මෙම තරගාවලිය සඳහා නාවික හමුදා පිරිමි වොලිබෝල් සංචිතයට අයත් සාමාන්‍ය නැවි ජී. තිලකරත්න ක්‍රීඩකයා ද සහභාගී වූ අතර, ඔහුගේ දක්ෂ ක්‍රීඩා විලාසය රටට මෙන්ම නාවික හමුදාවටද මහත් ගෞරවයක් හා කීර්තියක් ගෙන දීමට සමත් විය.
















