‘සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුමට සමගාමීව, රට පුරා පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයින පුරා පිහිටි නාවික හමුදා කඳවුරු සහ ඒවා අවට ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් ඩෙංගු මර්ධන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.
බටහිර, දකුණ, උතුරු මැද, වයඹ සහ ගිනිකොන නාවික විධානයන්ට අයත් කඳවුරු පරිශ්‍රයන් ආවරණය කරමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර, පරිසරය පරීක්ෂා කරමින් ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා පිරිසිදු කිරීම සහ අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම මෙහිදී සිදු විය. සෞඛ්‍යාරක්ෂිත හා පිරිසිදු පරිසරයක් ගොඩනැගීම සඳහා නාවික හමුදා පිරිස් නිරන්තරයෙන් මෙგලෙස දායකත්වය ලබා දීමට කටයුතු කරනු ලබයි.
















