නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 292ක තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු ඉන්දියාවේ රාමනාදපුරම්හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය පොලිසියට ලද රහසිගත තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී, වෙරළ තීරය වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ගංජා තොගය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත.














