මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්තාවය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, බන්ධනාගාරයේ අඩි 15ක් පමණ උස තහඩුවක් කඩා එළියට පැමිණීමට රැඳවියන් පිරිසක් උත්සහ කිරීම මෙම නොසන්සුන්තාවයට මුලික හේතුව වී ඇති බවයි.
මීට අමතරව, බන්ධනාගාරය තුළ කුඩා ගිනි ගැනීම් කිහිපයක්ද වාර්තා වී ඇති අතර, ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ විශාල පිපිරීමක ශබ්දයක් සහ බන්ධනාගාරයෙන් දුමක් නැගුණු බවයි. බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තත්ත්වය සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පියවර ගනිමින් පවතී.
















