2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළඹෙන අගෝස්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වන දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723 කදී පැවැත්වීමට නියමිතය. 1968 අංක 25 දරන ප්‍රසිද්ධ විභාග පනතේ නියෝග ප්‍රකාරව, අගෝස්තු 05 මධ්‍යම රාත්‍රියේ සිට විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදා හැරීම මෙන්ම විභාග ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර් හෝ අත්පත්‍රිකා මගින් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් වේ. මෙම නියෝග උල්ලංඝනය කරන්නන් ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවන් වන අතර, එවැනි තොරතුරු වෙතොත් පොලිස් මූලස්ථානය (011 2421111), හදිසි ඇමතුම් (119) හෝ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංකය (1911) වෙත දැනුම් දෙන ලෙස දන්වා ඇත.
















