මහර බන්ධනාගාරයේ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සමථයකට පත් කර ගැනීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයා හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.
අද (01) පස්වරුවේ මහර බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් 4 දෙනෙකු මේ වන විට රාගම රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාරය තුළ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අතිරේඛ බන්ධනාගාර නිලධාරීන් මෙන්ම පිටත ආරක්ෂාව සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) කැඳවා ඇත.
















