2026 අගෝස්තු 01 වන දින බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත කොකුගොල්ල පොලිස් වසමේ උනන්ගුම, අළුත්කැලේ ප්රදේශයේ සිදු කළ වැටලීමකදී කංසා කිලෝග්රෑම් 282 යි ග්රෑම් 240 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන කොකුගොල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක් වන ජුලම්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කොකුගොල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














