ඉරානය සමඟ කඩිනමින් එකඟතාවකට පැමිණීමේ කොන්දේසිය මත එරටට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාර අවලංගු කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.’ටෲත් සෝෂල්’ (Truth Social) සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම සහ ඉරානයේ ධාන්වීය තර්ජනය අවසන් කිරීම ඇතුළත් වන පරිදි කඩිනමින් ගිවිසුමකට එළඹීමට හැකි වුවහොත් මෙම ප්‍රහාරය අවලංගු කිරීමට තීරණය කළ බවයි.
ඊශ්‍රායලය සමඟ එක්ව මෙම තීරණය ගත් බව පවසන ට්‍රම්ප්, දෙවන ලෝක යුද්ධයෙන් පසු දැක නැති මට්ටමේ දැවැන්ත සහ බලවත් මට්ටමකින් ඇමෙරිකානු හමුදා ඉරානයට එරෙහිව සූදානමින් සිටි බවද සඳහන් කර ඇත. කෙසේ වෙතත්, එකඟතාවකට පැමිණීම සඳහා ප්‍රහාර කල් දමන ලෙස ඉරානය සහ මැදපෙරදිග වෙනත් රටවල් කළ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවත්, ගිවිසුමක මූලික රාමුව සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.















