රත්මලාන, කඳවල පාරේ ඊයේ (01) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය බඩෝවිට අවිශ්ක නමැත්තා හරහා මෙහෙයවා ඇත්තේ විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලානේ ‘කුඩු අංජු’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් රැස්කරන්නෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත නමැති 57 හැවිරිදි පුද්ගලයෙකි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති අතර, බඩෝවිට අවිශ්කගේ පාර්ශ්වයෙන් මෙය සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.එසේම, පසුගියදා බෙල්ලන්විලදී අවන්හල් හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇති බවටද පොලිසිය සැක පළ කරනු ලබයි.














