දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.අද (02) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (03) පෙරවරු 11.30 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වන අතර, ඒ අනුව උතුරු-මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලටත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ වන තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී.
පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.














