මෙරට ද්විතීයික රෝහල් පද්ධතිය සවිමත් කෙරෙන රේඛීය හා පළාත් සභා තුන්දින සංවාදය සාර්ථකව අවසන් වී ඇති බව වාර්තා වේ.
ගුණාත්මක, සුරක්ෂිත සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම උදෙසා ද්විතීයික රෝහල් පද්ධතිය සවිමත් කිරීමේ අරමුණින් මෙම සංවාදය පැවැත්වුණු අතර, මෙරට සාර්ව සෞඛ්‍ය ආවරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ආසියා සංවර්ධන බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන සියයක මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
මෙම සංවාදයේ සමාප්ති සැසිවාරය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.














