රාගම ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.ඊයේ (01) මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් 246/කැන්දලියද්ද පාළුව – බටහිර, 246/සී කැන්දලියද්ද පාළුව – උතුර සහ 181/ජී දඹුව යන ග්‍රාමසේවා වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලීසිය පියවර ගෙන තිබුණි.කෙසේ වෙතත්, තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බැවින් අදාළ ග්‍රාම සේවා වසම් 03 සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ මොහොතේ සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.














