අනතුරට පත් අනෙක් ධීවරයා නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණීමෙන් පසු බේරාගෙන මේ වන විට රෝහල්ගත කර තිබේ. ඊයේ (01) පස්වරුවේ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර, යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව මුලින්ම අනාවරණය වී ඇත්තේ වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් කරන ලද දැනුම්දීමකට අනුවය.කෙසේවෙතත් මෙම සිදුවීමෙන් පසු සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තවත් ධීවර යාත්‍රා 3ක්ද අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය වීම නිසා, අනතුරට ලක්වූ ධීවරයින් සහ අතුරුදන් වූ යාත්‍රා මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම සෙවීමේ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්, නාවික හමුදාව සතු ඩෝරා යාත්‍රාවක් සහ විශේෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක් යොදවා තිබේ.














