2026 අගෝස්තු 01 වන දින රාත්‍රී කෝපායි පොලිස් වසමේ කෝපායි – යාපනය මාර්ගයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේදී, කෝපායි දෙස සිට යාපනය දෙසට ධාවනය වූ මෝටර් රථයක් විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28ක් වූ කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කෝපායි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














