මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට හේතුව එහි ඇති අධික තදබදය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.එහි සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා අවධාරණය කළේ, බන්ධනාගාර නිලධාරීන් විසින් එහි සැබෑ තත්ත්වය වසන් කිරීමට උත්සාහ කරමින් සිටින බවයි. මෙම බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සැකකරුවන් සංඛ්‍යාව 991ක් වුවත් මේ වන විට 4,447 දෙනෙකු එහි සිටින බව පෙන්වා දුන් ඒ මහතා, රැඳවියන්ට අවශ්‍ය පහසුකම්ද ප්‍රමාණවත් නොවන බව සඳහන් කළේය.මහර බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඊයේ (01) පස්වරු 1.00ට පමණ ඇති වූ බවත්, එය පාලනය නොකර බන්ධනාගාර නිලධාරීන් එම පරිශ්‍රයෙන් ඉවත්වී රැඳවියන් අතර ගැටුමක් වර්ධනය වීමට ඉඩ හැර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අනාවරණ කළේය.














