දඹුල්ල රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති දෙවන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගයෙන් පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (02) සමත්විය.මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ අතර, තීරණාත්මක තෙවන සහ අවසන් තරගය අගෝස්තු 04 වන අඟහරුවාදා දඹුල්ලේදීම පැවැත්වීමට නියමිතය.පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 175ක් රැස්කළ අතර, එහිදී ශවාල් සුල්පිකාර් ලකුණු 48ක් සහ නායිකා මුනීබා අලි ලකුණු 45ක් රැස් කළහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චමුදි ප්‍රබෝධා ලකුණු 27කට කඩුලු 2ක් බිද හෙළුවාය.ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 178ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. එහිදී මංගල විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ සන්ජනා කාවින්දි ලකුණු 46ක්, නායිකා චමරි අතපත්තු ලකුණු 40ක් සහ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 37ක් රැස් කළ අතර, දක්ෂ පිතිහරඹයක නිරත වූ සන්ජනා කාවින්දි තරගයේ වීරිය ලෙස සම්මාන ලැබුවාය.














