බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා (Brand Finance Lanka) විසින් 2026 වසර සඳහා ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාමය ලෙස ලංකා බැංුව (Bank of Ceylon – BOC) නම් කර ඇති අතර, ඒ අනුව රුපියල් බිලියන 65.5ක සන්නාම වටිනාකමක් වාර්තා කරමින් එම බැංුව සිය අඛණ්ඩ වෙළඳපලපොළ නායකත්වය තහවුරු කර තිබේ.
මෙම වසරේදී ලංකා බැංුවේ සන්නාම වටිනාකම 14.1% කින් වර්ධනය වී ඇති අතර, දැඩි පාරිභෝගික විශ්වාසය සහ වෙළඳපල බලය මැනවින් තහවුරු කරමින් එහි සන්නාම ශක්ති ශ්‍රේණිය (Brand Strength Rating) AAA දක්වා ඉහළ නංවා ඇත.
පාරිභෝගික විශ්වාසය, ඩිජිටල් පරිවර්තනය, තිරසාර සංවර්ධන වැඩසටහන් සහ ජාතික සංවර්ධනයට ලබාදුන් දායකත්වය මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව බැංු සභාපති කවින්ද ද සොයිසා සහ සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී වයි. ඒ. ජයතිලක යන මහත්වරුන් සඳහන් කර ඇත. 2025 වසරේදී රුපියල් බිලියන 120.8ක බද්දට පෙර ලාභයක් වාර්තා කර ඇති BOC බැංුව, රුපියල් බිලියන 77ක බදු මුදලක් ගෙවමින් මෙරට විශාලතම ආයතනික බදු ගෙවන්නා ලෙසද රැඳී සිටින අතර, ලෝකයේ හොඳම බැංකු සන්නාම 500 අතරට එක් වූ එකම ශ්‍රී ලංකා බැංුව ලෙසද ජාත්‍යන්තර කීර්තිය අත්වැඳගෙන තිබේ.














