බන්ධනාගාර පද්ධතිය නිසි ලෙස කළමනාකරණය කළ නොහැකි වත්මන් රජයට ලක්ෂ 220ක ජනතාවගේ ජන ජීවිත සැපවත් කිරීමට හැකිද යන්න බරපතළ ගැටලුවක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.බොරැල්ල, මාලිගාකන්ද ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළ අතර, ඇවිදින පුස්තකාල ලෙස විද්වතුන්ගෙන් සපිරි රජයක් බිහි කරන බව පැවසූ වත්මන් පාලකයන් ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක ණය වාරිකයක් හැකර්වරුන්ට පූජා කළ බවත්, විදේශීය ණය වාරිකයක්වත් නිසි ලෙස ගෙවාගත නොහැකි සහ බන්ධනාගාරයක්වත් පාලනය කළ නොහැකි රජයක් ජනතා ප්‍රශ්න විසඳන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. මීට පෙර පාර්ලිමේන්තු සැසිවාරයේදී අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගයේදී රජය ඔහු ආරක්ෂා කිරීමට ඡන්දය ලබාදී දින කිහිපයක් ගතවත්ම මහර බන්ධනාගාරයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූ බවත්, අද වන විට රටේ 30%ත් 40%ත් අතර ප්‍රමාණයක් දුප්පතුන් බවට පත්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.














