විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර 02කින් දීර්ඝ කිරීම සඳහා වන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ. අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නීත්‍යානූකූල විවරණය නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණ අමාත්‍යාංශය වෙත ලබා දී ඇති අතර, ඉදිරියේදී එය සකස් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
දිවයින පුරා අධිකරණවල නඩු ලක්ෂ 11කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බැවින්, එම නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමේ අරමුණින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ මෙම යෝජනාව මීට පෙර කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.













