මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ සඳහා තිදෙනෙකුගෙන් යුත් විමර්ශන කණ්ඩායමක් අද (02) පෙරවරුවේ මහර බන්ධනාගාරය වෙත ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
මේ අතර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින්ද අද දිනයේ මහර බන්ධනාගාරයට ගොස් එහි තත්ත්වය පිළිබඳව සොයා බලා ඇති අතර, එහි විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුබවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ මෙම විශාල විනාශය රැඳවියන්ගේ පමණක් වුවමනාවකට සිදුවූවක්ද යන්න සහ මෙය සැලසුම් සහගතව සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් සැක මතුවන බවයි.













