ත්‍රිකුණාමලයේ පිහිටි ස්වාභාවික වරායේ දැනට සිදුවන මෙහෙයුම්, අතහැර දමා ඇති පරණ ජැටිය, චීන වරාය තෙල් ටැංකි නවීකරණය සහ නළ පද්ධති ඉදිකිරීම, සිවිල් ගුවන් සේවා හා සංචාරක කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමැති ජනිත රුවන් යන මහත්වරු ත්‍රිකුණාමලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මේ වන විට තෙල් ටැංකි දෙකක් ප්‍රතිසංස්කරණය කර අවසන් කර ඇති අතර, තවත් තෙල් ටැංකි තුනක් අලුත්වැඩියා කිරීමට ටෙන්ඩර් කැඳවා තිබේ. වරායට පැමිණෙන විශාල නෞකා මඟින් ගෙන එන ඉන්ධන ඍජුවම තෙල් ටැංකි වෙත ප්‍රවාහනය කිරීමට නව නළ පද්ධතියක් ස්ථාපිත කිරීමේ මූලික කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති අතර, ත්‍රිකුණාමලය කලාපීය ඉන්ධන ගබඩා හා බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.














