පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයන් 5 දෙනකු මියගොස් ඇති අතර, තවත් ධීවරයෙකු අතුරුදන්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තහවුරු කර ඇත.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, පසුගිය ජූලි 31 වැනිදා හලාවත, තොඩුවාව ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනෙකු අනතුරට ලක්වූ අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ සිරුර කොල්ලුපිටිය වෙරළට ගොඩගසා තිබියදී හමුවී ඇති අතර දිවි බේරාගත් අනෙක් ධීවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. පවතින අවදානම් සහගත තත්ත්වය නිසා ධීවර ප්‍රජාව දැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස බලධාරීන් දන්වා සිටී.














