ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයට සුවිශේෂී දායකත්වයක් සපයන මාතලේ දිස්ත්‍රික්කය තුළ මැණික් අලෙවි කරගැනීම සඳහා නිසි අලෙවි පොළක් නොමැති වීම බලවත් අඩුපාඩුවක් ලෙස හඳුනාගෙන තිබේ.
මෙම අඩුපාඩුව මඟහරවා ගනිමින්, ලොකු කුඩා මැණික් අලෙවිකරුවන්ට පහසුවෙන් ප්‍රවේශ වීමටත්, අතරමැදියන්ගෙන් තොරව සාධාරණ ක්‍රමයකට මැණික් අලෙවි කර ගැනීමටත් හැකි වන පරිදි මාතලේ නගරය කේන්ද්‍ර කොටගෙන විශේෂ මැණික් අලෙවි පොළක් ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවත්වන ලදී.














