හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් අද (03) අලුයම සිදුවූ අනතුරකින් මෝටර් රථයට බරපතළ හානි සිදුව තිබේ.
මින්නේරිය ජාතික වන උද්‍යානය හරහා වැටී ඇති මාර්ගයේ අලුයම 1.10ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ, අලුයම් කාලයේ පැවති අඳුරු ස්වභාවය නිසා මාර්ගයේ සිටි වන අලියා රියදුරුට එකවර දර්ශනය නොවූ බැවිනි. මෝටර් රථය අලියාගේ ගැටීමත් සමඟ උරණ වූ අලියා රථයට පහරදී ඇති අතර, රථයේ ගමන් ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු (ඕටමාවඩි ප්‍රදේශයේ පදිංචිකරුවන්) ක්ෂණිකව දිව ගොස් නිරුපද්‍රිතව දිවි බේරාගැනීමට සමත්ව ඇත.














