මුල් ළමාවිය අධ්‍යාපනයේ සැබෑ අරමුණ දරුවන්ට අධික ලෙස පාඩම් බරක් ලබානොදී, ඔවුන් තුළ ඉගෙනීමට ඇති ආශාව සහ කුතුහලය වර්ධනය කරමින් අනාගතයට අවශ්‍ය 21 වන සියවසේ කුසලතා (විචාරශීලී චින්තනය, නිර්මාණශීලිත්වය, සහයෝගීතාව සහ සන්නිවේදනය) සඳහා ශක්තිමත් අඩිතාලමක් දැමීම අරමුණු කර ගනිමින් විශේෂ පුහුණු වැඩසටහනක් පවත්වා තිබේ.
මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙරපාසල් පාලිකාවන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, එය පසුගියදා මීගමුව, තම්මිට කාදිනල් කුරේ ධර්මෝපදේශ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.














