විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සොඳුරු පවුල” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන 2026 වසරේ මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික වැඩසටහන් මාලාවේ සිව්වන දින වැඩසටහන පසුගියදා (31) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ අරමුණ වූයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මුල් ළමාවිය සංවර්ධනය උදෙසා සේවා සපයන ආයතන එකතු කර ගනිමින් ඒකාබද්ධ ප්‍රවේශයක් හරහා දරුවන්ට වඩාත් ගුණාත්මක සේවයක් සැපයීම සඳහා අදාළ නිලධාරීන් දැනුවත් කිරීමයි.














