පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් (රතු නිවේදන) නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අද (03) උදෑසන 9.00 සිට හෙට (04) උදෑසන 9.00 දක්වා කාලය සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, ඉදිරි දිනවල පවතින වර්ෂාවත් සමඟ අනතුරුදායක ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, ඉන් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසත් ඉල්ලා සිටියි.
මීට අමතරව, දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 2 (අවධානයෙන් සිටින්න – ඇම්බර්) සහ අදියර 1 (විමසිලිමත්ව සිටින්න – කහ) යටතේද නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත:
අදියර 2 (අවධානයෙන් සිටින්න – ඇම්බර්) යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ උඩපළාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, නෝර්වුඩ්, අඹගමුව කෝරළය, කොත්මලේ බටහිර සහ කොත්මලේ නැගෙනහිර, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශ ඇතුළත් වේ.
අදියර 1 (විමසිලිමත්ව සිටින්න – කහ) යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට යන ප්‍රදේශ නම් කර ඇත.














