සපුගස්කන්ද යොෂිඩා ළදරු අධ්‍යාපන ආයතනයේ **47 වන ක්‍රීඩා සැණකෙළිය** ජපානයේ ප්‍රධාන සංඝනායක මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේ විහාරාධිපති සහ යොෂිඩා අධ්‍යාපන සමූහයේ විධායක අධ්‍යක්ෂ අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම විද්‍යාලයීය භූමියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
විදුහලේ විදුහල්පති අවන්ති පෙරේරා මහත්මියගේ ආරාධනයෙන් මෙම උත්සවය සඳහා ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශිකා, විශේෂ අධ්‍යාපනවේදිනි හා පර්යේෂිකා ආෂි පෙරේරා මහත්මිය, යොෂිඩා ශොකන්ජි ජාත්‍යන්තර පාසලේ ප්‍රධාන විධායක නිලධාරිනි අම්බපාලි සිකුරාජපති මහත්මිය සහ යොෂිඩා ශෝකන්ජි ජාත්‍යන්තර විදුහලේ ක්‍රීඩා අංශ ප්‍රධානී ගාමිනි අබේසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වූහ.














