පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පැවතීම නිසා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට ගංවතුර අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එහි උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විශේෂ දැනුම්දීමක් කර තිබේ.
මහවැලි ගංද්‍රෝණියේ පිහිටා ඇති සරසවි නේවාසිකාගාරවල වෙසෙන සිසු සිසුවියන් පවතින අවදානම් තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා දැඩි ලෙස විමසිලිමත්ව සිටිය යුතු බව උපකුලපතිවරයා අවධාරණය කරයි.
ඊයේ (02) රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟම පේරාදෙණිය “කළු පාලම” අසල පිහිටි පාලම් ප්‍රතිසංස්කරණ වැඩබිමද ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.














