අරණායක විවිධ සේවා සමුපකාර සමිතියේ 2026 වසර සඳහා පැවැති කාරක සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට **ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම** සමත්ව තිබේ.
මෙම ජයග්‍රහණයත් සමඟ අරණායක සමුපකාර සමිතියේ ඉදිරි පාලන කටයුතු සඳහා වන බහුතර බලය ඒකාබද්ධ විපක්ෂය විසින් හිමිකරගෙන ඇත.
ඒ අනුව, කාරක සභාවේ මුළු ආසන 33 අතුරින් **ආසන 29ක්ම දිනා ගැනීමට** ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇති අතර, ජාතික ජන බලවේගයට හිමිව ඇත්තේ ආසන 4ක් පමණි. ඒ අනුව සමස්ත කාරක සභා නියෝජනයෙන් **84%ක බලයක්** ඒකාබද්ධ විපක්ෂය හිමිකරගෙන ඇති අතර, ජාතික ජන බලවේගය ලබාගෙන ඇත්තේ **16%ක නියෝජනයක්** පමණි.














