2026 අගෝස්තු 01 දින පෙ.ව. 7.30ට කැලණි ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කරන ලද ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය **ඉදිරි පැය 48 සඳහාද දීර්ඝ කර ඇති** බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල (විශේෂයෙන් අතුරු මාර්ගවල) ගමන් ගන්නා වාහන රියදුරන් මේ පිළිබඳව වැඩි සැලකිල්ලකින් සහ විමසිලිමත්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටී. මීට අමතරව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ අංශවලින්ද ඉල්ලා ඇත.














