ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය අරාජික වී ඇතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවකදී අද (03) පවසා තිබේ.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, මාස දෙකක් ඇතුළත මීගමුව සහ මහර බන්ධනාගාර තුළ බරපතළ සිද්ධි දෙකක් වාර්තා වුවද ඒවාට වග කියන්නට කිසිදු ප්‍රධානියෙක් නොමැති බවයි. සියලුම බන්ධනාගාර පාලනය කිරීම සඳහා අවසාන බලය හිමි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ධුරය පසුගිය අවුරුද්දකුත් මාස දෙකක් පුරා පුරප්පාඩු වී පැවතීම දැඩි ලෙස විවේචනය කළ මහාචාර්යවරයා, බන්ධනාගාර පද්ධතියේ කඳ තිබුණද හිස නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බව පෙන්වා දුන්නේය.
















