ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කුඩාවැල්ල සහ සිලාවතුර සේනාවරියපුරම් ප්‍රදේශවල 2026 අගෝස්තු මස 01 සහ 02 යන දිනවල සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කර තිබේ.
නාවික හමුදා බුද්ධි අංශයට ලද විශ්වාසදායක තොරතුරු මත, කල්පිටිය කුඩාවැල්ල සහ සිලාවතුර සේනාවරියපුරම් ප්‍රදේශවල සිදු කරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, ඩිංගි යාත්‍රා පහළොවක් (15) පරීක්ෂාවට ලක් කෙරිණි. මෙහිදී, එම යාත්‍රා තුළ අසුරන ලද, නීති විරෝධී ලෙස මෙරට තුළට රැගෙන ඒමට උත්සාහ කළ, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජනාවාස ප්‍රදේශවල අතහැර දමා යන ලදි යැයි සැක කෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය හැත්තෑ හතකට (677) අධික තොගයක් මෙලෙස නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසු වූ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සහ මන්නාරම රේගු නිවාඩූ භාරකාර කාර්යාල වෙත භාර දී ඇත.














