ඉදිරි පැය 24ක කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන්ව ඇත්තේ කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට වැඩි තීව්‍රතාවයකින් යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවය. එම වර්ෂා තත්ත්වය තවමත් පවතින බැවින් දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම්වලට මහ ගංවතුරක් ඇති විය හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
මේ හේතුවෙන් කැලණි ගඟෙහි ජල මට්ටම ක්ෂණිකව ඉහළ යා හැකි බැවින්, ගඟ ආශ්රිත පහත්බිම්වල වෙසෙන ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
















