මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48 ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය, ඉදිරියේදී තවත් වැසි ලැබිය හැකි බවට වන පුරෝකථන සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කිරීමේ තත්ත්වයන් හේතුවෙන් මෙම අවදානම මතු වී තිබේ.
ඒ අනුව, මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්බාගේ, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟට ආසන්න පහත්බිම්වල වෙසෙන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.
















