පවතින අධික වර්ෂාපතනයත් සමඟ නාවලපිටිය – බැලන්තොට ප්‍රදේශයේදී ඉහළ නගින ගංවතුර ජලයට හසු වී අතරමං වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් බස් රථයක මගීන් පිරිසක් ප්‍රදේශයේ තරුණයන් පිරිසකගේ සහයෝගයෙන් ආරක්ෂිතව මුදාගෙන තිබේ.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ දර්ශනවල දැක්වෙන පරිදි, වේගයෙන් ගලා ගිය කළු පැහැති ගංවතුර ජලය බස් රථය වට කරමින් ඉහළ යෑම නිසා මගීහු බස් රථය තුළ සිරවී සිටියහ. එම අවස්ථාවේදී ක්‍රියාත්මක වූ නාවලපිටිය ප්‍රදේශයේ තරුණ කණ්ඩායමක් ලොරි රථයක ආධාරයෙන් බස් රථයේ ජනේල හරහා මගීන් ආරක්ෂිතව ඉවතට ගැනීමට කටයුතු කළහ. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මෙම තරුණයන්ගේ කඩිනම් සහ ධෛර්‍යසම්පන්න ක්‍රියාමාර්ගය විශාල ව්‍යසනයක් වැළැක්වීමට සමත්විය.














