එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහයෝගීතාවයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් කෙටුම්පත් කරන ලද “ජාතික තරුණ ප්‍රතිපත්තිය” පිළිබඳ දෙවන පළාත් සභා සාකච්ඡාව හෙට (04) පෙරවරු 10.00 ට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මහජන අදහස් සහ යෝජනා පදනම් කර ගනිමින් සකස් කරන ලද මෙම කෙටුම්පත පිළිබඳව පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ සහ එය වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර දකුණු පළාතෙන් ආරම්භ වූ අතර, එහි දෙවන පියවර ලෙස මෙම බස්නාහිර පළාත් සාකච්ඡාව සංවිධාන කර ඇත.














