රාජ්‍ය සේවා නිලධාරීන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පද්ධතිවල සංශෝධන හඳුන්වා දීම සඳහා පත් කරන ලද රාජ්‍ය සේවා වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ නව කාර්යාලය හෙට (04) පෙරවරු 10.00 ට කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි කොමිෂන් සභා පරිශ්‍රයේදී විවෘත කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
2026 ජූනි 22 දිනැති අංක 2494/05 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මෙම කොමිෂන් සභාව පිහිටුවනු ලැබීය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගැටලු විසඳීම, රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම සහ නව තාක්ෂණික දියුණුවට හා ගෝලීය ප්‍රවණතාවලට අනුකූලව රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ලබා දීම මෙම කොමිෂන් සභාව වෙත පැවරී ඇති ප්‍රධාන වගකීම් වේ.
මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමේ කොටසක් ලෙස, වෘත්තීය සමිති, සංවිධාන සහ මහජනතාවගෙන් අදහස් හා යෝජනා කැඳවීමේ විධිමත් ක්‍රියාවලියද හෙට (04) දින ආරම්භ වීමට නියමිතය.














