චීනයේ උයිගර් ඇතුළු සුළුතර ප්‍රජාවගේ බලහත්කාර ශ්‍රමය භාවිත කරමින් නිෂ්පාදන සිදු කරන බවට එල්ල වී ඇති චෝදනා මත, චීන සමාගම් 43කින් භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට ඇමරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ලෝහ සැපයුම් දාමයන්හි නියැලී සිටින මෙම සමාගම් “උයිගර් සුළුතර ප්‍රජා බලහත්කාර ශ්‍රම භාවිතය වැළැක්වීමේ පනත” යටතේ ලැයිස්තුගත කර ඇති අතර, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ මෙම පනත යටතේ සමාගම් ලැයිස්තුගත කළ පළමු අවස්ථාව මෙය වේ. මේ අතර, ඇමරිකාවේ මෙම පියවර පදනම් විරහිත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමක් ලෙස චීන වාණිජ අමාත්‍යාංශය දැඩි ලෙස හෙළා තිබේ.














