හෝමූස් සමුද්‍ර සන්ධියේ දැනට පවතින නාවික මාර්ගවලට විකල්පයක් ලෙස නව මුහුදු මාර්ගයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් ඕමාන රජය සමඟ පවත්වන සාකච්ඡා අවසාන අදියරට ළඟා වී ඇති බව ඉරාන රජය ප්‍රකාශ කර තිබේ. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත්තේ මෙම නව මාර්ගය දෙපාර්ශ්වයටම පිළිගත හැකි, ජාතික අභිලාෂයන් සහ ආරක්ෂාව සුරක්ෂිත කරන එකක් වන බවයි.
මෙම නව එකඟතාව හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම හෝ වසා තැබීම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි සඳහන් කර ඇත. කෙසේ වෙතත්, හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත කිසි දිනෙක යුද්ධයට පෙර පැවති තත්ත්වයට පත් නොවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














