කොස්ලන්ද, අලුත්වෙල, අන්නාසිගල රක්ෂිතයේ වෙල් යායක තිබී මියගොස් සිටියදී සොයාගත් වනඅලියා බෙහෙත් කොටන තුවක්කුවකින් යටිබඩට එල්ල වූ වෙඩි පහරකින් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. උඩවලව ඇත් අතුරු සෙවණේ වෛද්‍ය මාලක අබේవర్ධන මහතා ඇතුළු කණ්ඩායම විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇත.
වනඅලියාගේ පිටතින් පෙනීමට කිසිදු තුවාලයක් නොමැති වුවද, බෙහෙත් කොටන තුවක්කු උණ්ඩයක් උදරය පසාරු කරගෙන ගොස් යටිබඩ ප්‍රදේශයේ සිරවී තිබූ බව පොලිසිය සඳහන් කරයි. වනජීවී සහ පොලිස් නිලධාරීන් එක්ව බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් අඩි දහයක පමණ වළක් හාරා මියගිය අලියා මිහිදන් කර ඇති අතර, කොස්ලන්ද පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














