පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් වන ජනතාවට කඩිනමින් ආහාර පහසුකම් සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජංගම මුළුතැන්ගෙවල් 04ක් මේ වන විට සම්පූර්ණයෙන් සූදානම් කර තිබෙනවා.
හදිසි අවශ්‍යතාවක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් පීඩාවට පත් ප්‍රදේශවල ජනතාවට උණුසුම් ආහාර සැපයීම සඳහා මෙම ජංගම මුළුතැන්ගෙවල් යෙදවීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වන විටත් සූදානම් කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් අඛණ්ඩව කැපවී සිටින බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.














