තායිලන්තයේ පතායා නුවරදී පැවති 09 වැනි “ද හීරෝ” (The Hero) ජාත්‍යන්තර ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ දක්ෂ ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස අතිවිශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් ඊයේ (03) රාත්‍රියේ දිවයිනට පැමිණියා.ලෝකයේ රටවල් 32ක ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ ඉකුත් ජූලි 31 දින සිට අගෝස්තු 3 දින දක්වා පැවති මෙම තරගාවලියේදී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්තයක් ලෙස පදක්කම් 26ක් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.
එම ජයග්‍රාහී පදක්කම් දස්කම් අතරට:
රන් පදක්කම් 15ක්
රිදී පදක්කම් 5ක්
ලෝකඩ පදක්කම් 6ක් ඇතුළත් වේ.
ජාත්‍යන්තර තරග බිමේදී අපේ රටේ නාමය ලෝකයම ඉදිරියේ ඔසවා තැබූ මෙම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් සහ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි අතර, එහිදී උණුසුම් හා අභිමානවත් පිළිගැනීමේ උත්සවයක්ද පැවැත්විණි.රටටම මහත් ආඩම්බරයක් ගෙන දුන් අපේ ටයිකොන්ඩෝ ශූරයින්ගේ මෙම අගනා ජයග්‍රහණය වෙනුවෙන් ඔබේ සුබ පැතුම් කමෙන්ට් කරන්න!














