බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට විකල්පයක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරෙන සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමේ පනත් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දී ඇති ප්‍රතිපත්තිමය අනුමැතියට අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, 2025 ජුනි 23 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මූලික අනුමැතිය ද හිමි වී තිබිණි. අදාළ පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් කළ යුතු වැදගත් විධිවිධාන හඳුනාගෙන ඒවා ද ඇතුළත් කරමින් කෙටුම්පතේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දී ඇති බව සඳහන් වේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.














