තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම් අද (04) අභියාචනාධිකරණය හමුවේ සළකා බැලීම ආරම්භ වී තිබෙනවා.
එහිදී අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යන සංවිධාන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් මූලික කරුණු ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. අනතුරුව, අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සළකා බැලීම මේ මස 06 වන දින දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.














