ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හෝ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියාමනය කරනු ලබන මගී ප්‍රවාහන සේවා, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාලයීය ප්‍රවාහන සේවා සහ කුලී පදනම මත ධාවනය වන විශේෂ චාරිකාවල යෙදෙන වාහනවල ධාවන යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ අරමුණින් සකස් කරන ලද 2026 අංක 03 දරන මෝටර් වාහන (පරීක්ෂා කිරීමේ) නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව අංක 2489/22 දරන 2026-05-19 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම නියෝග ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙරට මෑතකදී සිදුවූ ආන්දෝලාත්මක බරපතල ගනයේ රිය අනතුරු බොහොමයක් සඳහා වාහනවල ධාවන තත්ත්වයේ පැවති කාර්මික දුර්වලතා හේතු වී ඇති බව මෝටර් වාහන පරීක්ෂකවරුන්ගේ විමර්ශනවලදී අනාවරණය වී තිබීම හේතුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.














