නුවරඑළිය ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාවත් සමඟ ග්‍රෙගරි වැවේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන්, එහි වාන් දොරටුව අද (04) පස්වරුවේ විවෘත කළ බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
පවතින දැඩි අයහපත් කාලගුණය සහ ඝන මීදුම තත්ත්වය නිසා ආරක්ෂක හේතුන් මත ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම නුවරඑළිය මහ නගර සභාව විසින් තාවකාලිකව තහනම් කර ඇති අතර, නුවරඑළිය – බදුල්ල, නුවරඑළිය – හැටන් සහ නුවරඑළිය – මහනුවර (ටොප්පස් සිට ලබුකැලේ දක්වා) යන ප්‍රධාන මාර්ගවල ඝන මීදුම පවතින බැවින් රියැදුරන් ඉතා ප්‍රවේශමෙන් වාහන ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.














