රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ වැඩ කටයුතු රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොමිෂන් සභා කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 2026 අයවැය යෝජනාවක් අනුව මෙම කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති අතර, විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා සභාපති ධුරයත්, නාලක දිසානායක මහතා ලේකම් ධුරයත් දරන සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙම කොමිෂන් සභාවට රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගැටලු විසඳීම, වෘත්තීයභාවය ඉහළ නැංවීම සහ රාජ්‍ය සේවය ප්‍රතිශෝධනය කිරීම පිළිබඳ නිර්දේශ ලබා දීමේ වගකება පැවරී ඇත. වසර 20කට පසු රාජ්‍ය සේවක වැටුප් ගැටලු විසඳීමටත්, පළමු වතාවට විශ්‍රාමිකයන්ගේ ගැටලු විසඳීමටත් කොමිෂන් සභාවක් පිහිටුවා ඇති බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.














