උතුරු පළාතේ සංචාරක ස්ථාන සංවර්ධනය කරමින් සංචාරක පැමිණීම වේගවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් යටතේ, ඕලන්ද යුගයේ ස්මාරක සහ නිදහසේ සැරිසරන අශ්වයන් සහිත ඩෙල්ෆ් දූපත (Neduntheevu) තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත බව වාර්තා වේ.මෙයට අදාළව යාපනය දිස්ත්‍රික්කය මූලික කරගනිමින් විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සහ රාජ්‍ය මට්ටමේ ඉහළ නිලධාරීන්ගේ හමුවක් සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ එක්වී ඇති අතර, ඉදිරි අයවැය මඟින් සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) හරහා මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඩෙල්ෆ් දූපතේ පානීය ජලය, මහාමාර්ග සහ ගමනාගමන පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ප්‍රදේශවාසීන්ගේ සංචාරක සත්කාරක දැනුම ඉහළ නැංවීමටත් මෙහිදී අපේක්ෂා කෙරේ. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වී ඇත.














