අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැලිෆෝනියාවේ පිහිටි තම ගොල්ෆ් ක්‍රීඩාංගණයට පැමිණීමට පෙර, එම පරිශ්‍රය ආසන්නයේ සැක සහිත ලෙස හැසිරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ 38 හැවිරිදි ජීනීන් ජෝන් ටේලේ (Jeanine John Taele) නම් සැකකරු කැලිෆෝනියාවේ රැන්චෝ පැලෝස් වර්ඩස්හි පිහිටි ට්‍රම්ප් නැෂනල් ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.














